රෝගාතුර ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (නොවැම්බර් 03) කටයුතු කරන ලදී.
පසුගිය ඔක්තෝබර් මස 19 වන දින බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්මාල් පුතා’ නමැති මෙම බහුදින යාත්‍රාවේ ගමන් ගත් ධීවරයෙකුගේ පපු ප්‍රදේශයේ ඇති වී තිබූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස අසාධ්‍ය වී ඇත. එම තොරතුරු ලද විගස දකුණු නාවික විධානයට අනුයුක්ත පී 411 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
ඒ අනුව ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 16 ක පමණ දුරකදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.





