නීති විරෝධී ලෙස හක්බෙල්ලන් 3033 ක් ප්රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ විශේෂ යාත්රා බලඝණයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (නොවැම්බර් 03) රාත්රී මන්නාරම, ඔලුතුඩුවායි ප්රදේශයේ නීති විරෝධී ලෙස හක්බෙල්ලන් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඩීමෝ වර්ගයේ කුඩා ලොරි රථයකින් මෙම හක් බෙල්ලන් ප්රවාහනය කර ඇති අතර, එහි හක්බෙල්ලන් 3033 ක් තිබී ඇත. එම හක්බෙල්ලන් තොගය කිලෝග්රෑම් 680 ග්රෑම් 780 ක බරකින් යුක්ත විය. මෙම හක්බෙල්ලන් මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙස ඉන්දියාවට ප්රවාහනය කිරීම සඳහා මෙලෙස ප්රවාහනය කර ඇති බවට සැක පළ කරන අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, හක්බෙල්ලන් සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



