නාවික හමුදාධිපතිතුමන් දළදා සමිඳුන් වැඳපුදා ගනී
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අභිනව නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව ඊයේ (නොවැම්බර් 04) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා හමුවී සුහද පිළිසඳරක ද නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීමට නාවික හමුදාධිපතිතුමන් කටයුතු කරන ලදී.
ඉන් අනතුරුව එතුමා, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේ‍්‍රමසිරි, අස්ගිරි පාර්ශවයේ අනුනායක බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන සහ මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල යන මහා නායක හිමිවරුන් බැහැදැක සුව දුක් විමසා ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී මහා නායක හිමිවරුන් විසින් නව තනතුරේ රාජකාරීන් මැනවින් ඉටු කළ යුතු ආකාරය පිළිබඳ නාවික හමුදාධිපතිතුමන් හට කෙටි අනුශාසනාවන් ද සිදු කළ අතර, එම කර්තව්‍යයන් සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා ශක්තිය ලැබේවායි ද ආශිර්වාද කෙරිණි. මහා නාහිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු නාවික හමුදාධිපතිතුමන් විසින් ගරුතර මහා සංඝරත්ණය උදෙසා අටපිරිකර පූජා කිරීමක් ද සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ, සන්ධ්‍යා රණසිංහ මැතිණිය, දියණිය සුපුනි රණසිංහ, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.















