නාවික හමුදාධිපතිතුමන් යුද හමුදාධිපතිතුමා හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 06) යුද හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමු විය. යුද හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් නාවික හමුදාධිපතිතුමා යුද හමුදා මූලස්ථානය වෙත පිළිගත් අතර, වයිස් අද්මිරාල් රණසිංහ මහතා නාවික හමුදාධිපති දූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව යුද හමුදාධිපතිතුමන් මුණ ගැසුණු පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
එහිදී යුද හමුදාධිපතිතුමා විසින් නාවික හමුදාධිපතිතුමා වෙත සිය හෘදයංගම සුභපැතුම් එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. තවද, නාවික හමුදාධිපතිතුමන් විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීමෙන් අනතුරුව මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. යුද හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.









