සාර්ථක සංචාරයකින් අනතුරුව පාකිස්තානු නාවික නෞකා සයිෆ් කොළඹ වරායෙන් පිටත් වෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 05 වන දින කොළඹ වරායට සේන්දු වූ පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 08) දිවයිනෙන් පිටත් විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා වෙත සමු දීම සිදු කෙරිණි.
සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද ක්රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී විය.





