14 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 33 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 14 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 33 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට විසිර යෑම ඊයේ (නොවැම්බර් 08) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේදී සිදු කෙරුණි. ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී එම විසිරයාමේ පෙළපාලිය පැවැත්විණි. එම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහභාගී විය.
බඳවා ගැනීමේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ආධුනික ශිල්පී ජීඑස් අබේසිංහ කුසලානය දිනා ගත් අතර, ආධුනික ශිල්පී ඩීජීඑස් කණිෂ්ක දක්ෂතම ඉලක්ක කරුට හිමි කුසලානය හිමි කර ගන්නා ලදී. එමෙන්ම දක්ෂතම ආධුනික ශිල්පී නාවිකයා වශයෙන් එච්බීඑම් සමන්පිටිය විසින් කුසලානය හිමිකර ගෙන ඇත.
වර්ණවත් සංස්කෘතික අංගයන්ගෙන් අලංකාරවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය පැමිණ සිටි සෑම දෙනාගේම ආකර්ශණය දිනා ගැනීමට සමත් විය. ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නාවික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් විසිර යන ලද නාවිකයන්ගේ දෙමාපියන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.


















