නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ සන්ධ්‍යා රණසිංහ මැතිනිය ඊයේ (නොවැම්බර් 08) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගන්නා ලදී. ඒ අනුව, ප්‍රථමයෙන්ම ඔවුහු අනුරාධපුර අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටුහ.
එම අවස්ථාවේදී නාවික හමුදාධිපතිතුමන් විසින් උන්වහන්සේ වෙත අට පිරිකර පූජා කිරීම ද සිදු කෙරිණි. ඉන් පසු ඔවුහු ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි උඩ මළුවට පැමිණ ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගත්හ. එහිදී ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනයක් සිදු කොට නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන සමස්ථ නාවික හමුදාවට ආශිර්වාද පුද කෙරිණි.
මෙයින් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් ඇතුළු පිරිස අනුරාධපුර, රුවන්වැලි සෑ චෛත්‍ය පිහිටි විහාරස්ථානය, මිරිසවැටිය ච්‍යෛ පිහිටි විහාරස්ථානය සහ අනුරාධපුර ජයන්ති රජමහා විහාරස්ථානය වෙත ගොස් එහි නායක ස්වාමීන්වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.








