චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායට
චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් පුහුණු නෞකාව අද (නොවැම්බර් 10) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර, ශ්රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන් විශාල පිරිසක් ද සිය රටේ නෞකාව ඇතුළු නාවික පිරිස හරසරින් පිළිගැනීම සඳහා වරාය පරිශ්රයට පැමිණ සිටියහ.
දින 5 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවේ කාර්යය මණ්ඩලය වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කර ගැනීම හා මිත්රත්වය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. සංචාරයෙන් අනතුරුව “කී ජී ගුආන්ග්” නෞකාව එළඹෙන 14 වන දින කොළඹ වරායෙන් පිටත්වීමට නියමිතය. දිගින් මීටර් 163. 5 කින් සහ පළලින් මීටර් 22.2 කින් යුත් නෞකාව ටොන් 10907 ක ධාරිතාවයකින් යුක්ත වේ. එහි නාවික පුද්ගලයින් 549 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.




