අන්තර් විධාන සරඹ තරඟාවලිය පූනෑවේදී පැවැත්වෙයි
නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 08 වන දින පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි. හත් වන වරටත් පැවති මෙම තරඟාවලි සමාප්ති උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.
සියළුම නාවික විධානයන් නියෝජනය වන පරිදි සරඹ කණ්ඩායම් 9 ක් මේ සඳහා සහභාගී වූ අතර, තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික දියත් විධාන කණ්ඩායම සමත් විය. එහි අනු ශූරතාවය හිමි කර ගැනීමට දකුණු නාවික විධානයට හැකියාව ලැබිණි. සමස්ථ තරඟාවලියේ දක්ෂතම අණදෙන්නා වශයෙන් දියත් විධාන කණ්ඩායම නියෝජනය කළ ලුතිනන් ඒඑම්එම්එල්බී අබේකෝන් කුසලානය හිමි කර ගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් රැසක් සහභාගී වී සිටියහ.











