චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායෙන් පිටත් වෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 10 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජී ගුආන්ග් පුහුණු නෞකාව සාර්ථක සංචාරයක් නිමා කරමින් අද (නොවැම්බර් 14) දිවයිනෙන් පිටත් විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා වෙත සමුදෙන ලදී.
දින 5 ක නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී සුහද ක්රීඩා තරඟ, විනෝද චාරිකා, පුහුණු කටයුතු, සංස්කෘතික සංදර්ශණ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී විය.





