නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය. ඔවුන් නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වීම සහ මත් පෙති ලඟ තබා ගැනීම යන හේතූන් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් මස 06 වන දින කින්නියා මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් (සුරුක්කු) භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන් සතුව තිබූ ඔරුවක්, මීටර් 200 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගලක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මූතූර් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීම කටයුතු කෙරිණි.
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සිලාවතුර පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය නොවැම්බර් මස 07 වන දින සිදු කළ වැටලීමකදී සාවාරිපුරම් මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය (ජෙලට්නයිට්) යොදා ගනිමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක්, ජෙලට්නයිට් කූරු 8 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 8 ක් සහ වෙඩි නූල් කැබලි 8 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දෙන ලදී.
ලද බුද්ධි තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමක දී තිලෙයිනගර් ප්‍රදේශයේදී ත්රොමඩෝල් ඇපල් වර්ගයේ පෙති 544 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඖෂධ පෙති මත් වීම සඳහා යොදා ගන්නා අතර, වෛද්‍ය නිර්දේශයකින් තොරව විකිණීම හෝ ලඟ තබා ගැනීම තහනම් වේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් මස 09 වන දින සිදු කළ සෝදිසි කිරීමකදී පාලිආරු ප්‍රදේශයේ තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රාවක් සහ මීටර් 500 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.






