නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 14) පාර්ලිමේන්තු කතානායක නිල කාර්යාලයේදී ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු, කරූ ජයසූරිය මහතා හමු විය. නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් රණසිංහ මහතා කතානායකතුමන් හමු වූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
එහිදී, ගරු කතානායකතුමන් විසින් අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභපැතුම් එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


