ශ්රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ දකුණු කොරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ඉන් ලී මහතා අද (නොවැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
එහිදී, කර්නල් ඉන් ලී මහතා විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාෂිංසන පිරිනමන ලදී. අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



