ශ්‍රීලංනානෞ සයුරළ තායිලන්තයේ පතායා වරායට සේන්දු වෙයි
අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා පසුගිය නොවැමිබර් මස 09 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අද (නොවැම්බර් 16) තායිලන්තයේ පතායා වරායට සේන්දු විය.
එහිදී තායිලන්ත නාවික හමුදාවේ ලුතිනන් ජේජී කියේටිපුම් සපැන්පොන්ග් මහතා සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර, සයුරළ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් නිශාන්ත අමරෝසා, විධායක නිලධාරී, කොමාණ්ඩර් චමින්ද කරුණාසේන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික නෞකා පිරික්සුම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට වසර 50 ක් සපිරීම නිමිති කර ගනිමින් 2017 නොවැම්බර් මස 18 වන දින සිට 21 වන දින දක්වා තායිලන්තයේ පට්ටයා මුහුදු ප්‍රදේශයේදී එම නෞකා දැක්ම පැවැත්වීමට නියමිතව ඇත. මෙම නෞකා දැක්ම සහ නාවික අභ්‍යාසයන් සඳහා අග්නිදිග ආසියාතික රටවල් 19 ක් නියෝජනය කරමින් යුද නෞකාවන් 26 ක් සහභාගී වීමට නියමිතය.





