රුසියානු තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
ශ්රී ලංකාවේ රුසියානු තානාපති, යූරි මෙටේරි මහතා අද (නොවැම්බර් 16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත සුභ පැතුම් එක් කළ එතුමා, ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව නාවික හමුදාධිපතිතුමන් සමඟ සුහද කථාබහක නිරත වන ලදී.
එම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුද, ගුවන් සහ නාවික උපදේශක කර්නල් දිමිත්රි මහයිලොව්ස්කි මහතා ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



