බණ්ඩත්තර පාලමේ ජලය බැස යාම වේගවත් කිරීමේ කටයුතු සඳහා නාවික කිමිදුම් කණ්ඩායමක්
නිල්වලා ගඟ හරහා තාවකාලිකව ඉදි කර තිබූ වැලි බාධකය ඉවත් කර ජලය බැස යාම වේගවත් කිරීමේ කටයුතු සඳහා නාවික කිමිදුම් කණ්ඩායමක් අද (දෙසැම්බර් 02) උදෑසන නාදුගල බණ්ඩත්තර පාලම වෙත අනුයුක්ත කරන ලදී.
පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිල්වලා ඟගේ ජල මට්ටම සීග්රයෙන් ඉහල ගොස් ඇත. එම ගඟ හරහා ඉදි කර ඇති තාවකාලික වැලි බාධකය හේතුවෙන් ජලය බැස යාම අවහිර වී ඒ ආශ්රිත ප්රදේශය ජලයෙන් යට වීමේ අවධානමකට ලක්ව තිබිණි. එබැවින් ජලය බැස යාම කඩිනම් කිරීම සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත යෙදවීමට නාවික හමුදාව කටයුතු කොට ඇත.





