අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ නාවික හමුදා මෙහෙයුම්
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය. ඔවුන්ගේ දෛනික කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට අනුයුක්ත සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RS) අනුයුක්ත නාවික පුද්ගලයින් සිය මෙහෙයුම් මේ වන විට ආරම්භ කොට ඇත.
ඒ අනුව එම කණ්ඩායම් මතුගම ගොස්ගහකන්ද හන්දිය යටදොල පාර, කළුතර ගෙරකැටිය හන්දිය ගමගොඩ, කළුතර මැද්දෙගෙදර වත්ත සහ මතුගම කටුගහහේන යන ප්‍රදේශයන් වලදී සිය සහන සැළසීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් සිටී. එම ප්‍රදේශයන්හි කඩා වැටී ඇති වෘක්ෂ ඉවත් කිරීම් ඇතුළු සහන සැලසීමේ මෙහෙයුම් ඔවුන් විසින් සිදු කරනු ලබයි. මෙම ස්වාභාවික ව්‍යසනයට ගොදුරු වූ ප්‍රදේශයන්හි පුද්ගලයන් වෙත සහන සැළසීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් ඉදිරියටත් සිදු කරමින් පවතී.

















