67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් ඊයේ (දෙසැම්බර් 02) සහ අද (දෙසැම්බර් 03) යන දිනයන්හි පැවැත්විණි.
පළමුව ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ නාවික විරුවන්හට පහන් දල්වා පුන්‍යානුමෝදනා එක් කෙරිණි. ඉන් අනතුරුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් සධාතුක කරඬුව වැඩම වූ අතර, එම අවස්ථාව අලංකාර පෙරහැරකින් වර්ණවත් විය. සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයෙන් අනතුරුව, පසුදින ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක්ද පැවැත්විණි. සංඝයාවහන්සේලා විසින් නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නාවික පුද්ගලයන්හට එහිදී ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.
මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සන්ධ්‍ය රණසිංහ මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයට හා බටහිර විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් ද සහභාගී වී සිටියහ.






















