නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 04) තලෙයිමන්නාරම ප්රදිපාගාරයට උතුරු දෙසින් වූ මුහුදු ප්රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 03 ක්, තහනම් දැල් 02 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 330 ක් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් මසුන් තලෙයිමන්නාරම, සහකාර ධිවර අධ්යක්ෂ වෙතද පුද්ගලයන්, ඩිංගි යාත්රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙතද භාර දීමට කටයුතු කෙරිණි.


