රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ වැඩමුළුවක්
රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ වැඩමුළුවක් පසුගිය නොවැම්බර් මස 29 සහ 30 යන දෙදින තුල ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පවත්වන ලදී. නාවික හා සාගරික විද්යපිඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා විසින් එහි පිළිගැනීමේ දේශණය සිදු කළ අතර, එහි ප්‍රධාන දේශණය ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්යක්ෂ ජනරාල්, අනිල් රංජිත් මහතා විසින් පවත්වන ලදී.
දින දෙකක් පුරා පැවැති මෙම වැඩමුළුව න්‍යායාත්මක සහ ක්ෂේත්‍ර අභ්‍යාසයන්ද පැවැත්විමට කටයුතු යොදා තිබුණු අතර, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්රීයාත්මක කිරීමේ ජාතික අධිකාරියට අනුයුක්ත නිලධාරින් විසින් මෙම වැඩමුළුවේ දේශණ පවත්වන ලදී.
මෙම වැඩමුළුව සඳහා නිලධාරින් 27 ක් සහ නාවිකයින් 55 දෙනෙකු සහභාගි වූ අතර, ඔවුන් හට රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) හදිසි ප්‍රතිචාර දැක්විම පිලිබඳව අවශ්‍ය න්‍යායත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා දිමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (න්‍යෂ්ටික ජිව විද්‍යාත්මක රාසයනික ආරක්ෂව) කොමාණ්ඩර් (ඉංජිනේරු) මංජුල පියතිලක මහතා ද සහභාගිවී සිටියහ.



























