ප්රංශ නාවික නෞකා ඔවේන් නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි
පසුගිය දෙසැම්බර් 03 දින කොළඹ වාරයට සේන්දු වූ ප්රංශ නාවික හමුදාවට අයත් ඔවේන් නෞකාව අද (දෙසැම්බර් 06) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.
මෙම නෞකාව මෙරට රැඳී සිටි කාල සිමාව අතරතුර ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් රාශියකට මෙන්ම වැලිසර ශ්රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ඊයේ (දෙසැම්බර් 05) පැවැති සුහද පැසිපන්දු තරඟයකට ද සහභාගිවන ලදි.








