බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි කොළඹ වරායට සේන්දු වෙයි
බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බිජෝයි නෞකාව සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 06) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ද සහභාගී විය.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් 08 වන දින මෙම නෞකාව කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.





