බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි හි අණදෙන නිලධාරී බටහිර නාවික විධානයේ ආඥාපතිතුමා හමුවෙයි
සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 06) මෙරටට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘බිජෝයි’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ෆාස්ලර් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 07) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමු විය.
එහිදි ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආඥාපතිතුමා සමඟ සුහඳ පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු, සයිඩ් මක්සුමල් හකීම් මහතා ද සහභාගී වී සිටි අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





