බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි
පසුගිය දෙසැම්බර් 06 දින කොළඹ වාරයට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බිජෝයි නෞකාව අද (දෙසැම්බර් 08) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
එහිදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී. මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව අතරතුර ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් රාශියකට සහභාගිවන ලදි.


