නාවික හමුදා 67 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි
දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන ඊයේ (දෙසැම්බර් 07) අධ්යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී පැවැත්විණි.
මෙම ආගමික වැඩසටහනේදී ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සියලුම නාවික පුද්ගලයින් හටත් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි. එම ආගමික වතාවත් සඳහා බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.








