2017 එමිරේට්ස් ගුවන් සේවා ඩුබායි සත් සාමාජික විවෘත කාන්තා දැල්පන්දු තරගාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
2017 එමිරේට්ස් ගුවන් සේවා ඩුබායි සත් සාමාජික විවෘත කාන්තා දැල්පන්දු තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 30 වන දින සිට දෙසැම්බර් මස 02 වන දින දක්වා අති උත්කර්ශවත් අන්දමින් ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විය. එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, නාවික හමුදා දැල්පන්දු කණ්ඩායම සහ බස්නාහිර පළාත් දැල්පන්දු කණ්ඩායම සහභාගී විය. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් කණ්ඩායම් 07 ක් සහභාගී වී සිටියහ.
දින තුනක් පුරා පැවැති මෙම තරඟාවලියේදී නාවික හමුදා දැල් පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කැපී පෙනන දක්ෂතා විදහා දක්වමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගන්නා ලදී. ඒ අනුව ලකී වොයිස් ෆියුශන් කණ්ඩායම සමඟ තරඟ වැදුණු නාවික හමුදා කණ්ඩායම 22-15 ක් ලෙස ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද කීර්තියක් අත්කර දී ඇත. මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදා දැල්පන්දු සංගමයේ සභාපති, වෛද්‍ය කපිතාන් නයනා විජේදෝරු මහත්මිය, ප්‍රධන පුහුණුකරු සුමිතා අල්විස් මහත්මිය සහ සහය පුහුණුකරු බුද්ධික සුරියබණ්ඩාර මහතා ඇතුළු ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගී විය.










