මහනුවර අස්ගිරි මහ විහාරයේ අභිනව ඉදි කරන ලද දෙමහල් සංඝා වාසය සසුනට පුජා කෙරේ
මහනුවර අස්ගිරි මහ විහාරයේ අභිනව ඉදි කරන ලද දෙමහල් සංඝා වාසය ඊයේ (දෙසැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සුරතින් සසුනට පුජා කරන ලදී. පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් මෙම සංඝා වාසය ඉදි කොට ඇත.
එම අවස්ථාව සඳහා ශ්රාස්ත්රපති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්රාස්ත්රපති පුජ්‍ය හඳගනාවේ විමලධම්ම හිමි, ගරුතර මහා සංඝරත්නය සහ බටහිර නාවික ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් නිරජ අටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.






