නාවික හමුදාවේ සම්ප්රදායික මංගල භෝජන සංග්රහය
‘ස්පලයිසින් ද මේන් බ්රේස්’ යනු රාජකීය නාවික හමුදාවේ අතීතයේ සිට පැවත එන චාරිත්රයක් වන අතර, රුවල් නෞකාවන් තිබුණු යුගයේ දීර්ඝ මුහුදු ගමනකින් පසු නෞකාවේ නාවිකයින් විසින් ප්රධාන කුඹගසේ රුවල ඉතා වෙහෙසවී අලුත්වැඩියා කිරීම හා අනෙකුත් රුවල් මැසීමේ කටයුතු අවසන් කිරීම ‘ස්පලයිසින් ද මේන් බ්රේස්’ යනුවෙන් හදුන්වනු ලබයි. මෙහිදි නෞකාවේ අණදෙන නිලධාරිතුමා විසින් එම දුෂ්කර කාර්යය ඇගයිම වෙනුවෙන් දිවා ආහාරයට පෙර වයස අවුරුදු 18 වැඩි නාවික පුද්ගලයින් සඳහා රම් ටොට් එකක ප්රමාණයක් ලබා දෙනු ලබයි.
එම සම්ප්රදායට මුල් තැන දෙමින් ශ්රී ලංකා නාවික හමුදාව විසින් විශේෂ අවස්ථාවන්හිදි දිවා ආහාරය නැව් මුළුව වෙත ලබා දිමට කටයුතු කරනු ලබන අතර, එය බඩාකානා නමින් හදුන්වනු ලබයි. නාවික හමුදාවේ මෙම චාරිත්රය සිදු කරනු ලබන්නේ නෞකාවේ හෝ ආයතනයේ අණදෙන නිලධාරිතුමාග් අවසරය මත වන අතර, අණදෙන නිලධාරිතුමා ඇතුළු සමස්ථ නැව් මුළුවම එකම මේසයක් සම්මිශ්රව සිටමින් දිවා ආහාරය ලබා ගැනිමෙනී. මේ සඳහා නෞකාවේ හෝ ආයතනයේ සේවය කරනු ලබන සිවිල් මහත්ම මහත්මීන්ටද ආරාධනා කරනු ලබයි. මෙම සම්ප්රදාය වර්තමානයේ ශ්රී ලංකා නාවික හමුදාව තුල මංගල භෝජන සංග්රහය නමින් හදුන්වනු ලබයි. එමගින් අණදෙන නිලධාරිතුමාන්ට අනෙකුත් නාවික පුද්ගලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගැනීමටද අවස්ථාවක් හිමි වේ.
ඒ අනුව 67 වන නාවික දිනය සමරන අද (දෙසැම්බර් 09) ශ්රී ලංකා නාවික හමුදාව සම්ප්රදායට මුල් තැන දෙමින් සියළුම නෞකාවන් සහ ආයතනයන්හි අණදෙන නිලධාරින්ගේ අංශ පිරික්සුම් සහ මංගල භෝජන සංග්රහ චාරිත්රය සිදු කරනු ලැබිය.

















