නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලි මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදාව සහාය විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වීම, මත් පෙති ලඟ තබා ගැනීම, ව්‍යාජ මුදල් නොට්ටු ලඟ තබා ගැනීම, නීති විරෝධී ලෙස දුම්වැටි තොග ලඟ තබා ගැනීම සහ කේරළ ගංජා අලෙවි කිරීම යන හේතූන් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 05 වන දින ලක්විජය විදුලි බලාගාරය ජැටියට ඉදිරියෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
තවද, නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුල්මුඩේ, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය දෙසැම්බර් මස 08 වන දින සිදු කළ වැටලීමකදී කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් දහසක (1000.00) මුදල් නොට්ටු නවයක් (09) ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, පරිගණකයක් සහ ලේසර් මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට පත් වූ අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා, ව්‍යාජ රුපියල් දහසක නොට්ටු සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පසුගිය දෙසැම්බර් මස 08 වන දින උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කිලිනොච්චිය, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අනුරාධපුර, මාතලේ හංදියේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. කේරළ ගංජා තොගය අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අනුරාධපුර, පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන ඇත.
වැල්ලවත්ත, වෙරළාරක්ෂක වරුණ ආයතනය වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ දිස්ත්‍රික් අපරාධ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව දෙසැම්බර් 09 වන දින සිදු කළ වැටලීමකදී බේරුවල ප්‍රදේශයේදී , නීති විරෝධී ලෙස දුම්වැටි තොගයක් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබී ටොප් මවුන්ටන් වර්ගයේ දුම්වැටි 210 ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයා හා දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා බේරුවල, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
පසුගිය දෙසැම්බර් 09 වන දින බටහිර නාවික විධානයට ලද තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී කඩවත ප්‍රදෙශයේදී, නීති විරෝධී ලෙස දුම්වැටි තොග ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබී ටොප් මවුන්ටන් වර්ගයේ දුම්වැටි ඇසුරුම් 525 ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් හා දුම්වැටි තොග ඉදිරි නීතිමය කටයුතු සඳහා කඩවත පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
වයඹ නාවික විධානයට අයත් මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවන්ට (Inshore Patrol Craft) අනුයුක්ත නාවිකයින් විසින් පසුගිය දෙසැම්බර් 09 වන දින කුදිරමලේට ඉදිරියෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සහ කිඹුල්බොක්ක යන මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නිතී විරෝධිව ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, වල්ලම් යාත්‍රාවක්, තහනම් දැල් 05 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 161 ක් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, වල්ලම් යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට පියවර ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට ලද තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වාරියපොළ, පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව පසුගිය දෙසැම්බර් මස 09 වන දින සිදු කළ වැටලීමකදී වාරියපොළ ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) 70600 ක් සහ රුපියල් 52,040.00 ක මුදලක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගන්නා ලදී ඒවා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබී ඇති අතර, එම වේදනා නාශක ඖෂධ පෙති, මුදල් සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා වාරියපොළ, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත ඊයේ (දෙසැම්බර් 10) බේරුවල වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ බේරුවල පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව එම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි 7180 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින් සහ දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා බේරුවල පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 10) වලෙයිපාඩු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක් සහ මීටර් 85 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පූනකරි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
තවද, පසුගිය දෙසැම්බර් මස 05 වන දින මිහින්තලය සහ හම්බේගමුව යන ප්‍රදේශවල දියේ ගිලි මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ (02) මෘත දේහයන් සෙයා ගැනීමට නාවික හමුදාව සහායවී ඇත. මිහින්තලය, කමිමලක්කුලම වැව සහ හම්බේගමුව, වේලිඔය ගඟ යන ස්ථානයන් හිදී එම පුද්ගලයින් දියේ ගිලීමෙන් අතුරුදහන්වී ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරු ලැබුණු අතර, එම පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් වලදී ඔවුන්ගේ මෘත දේහයන් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි විය.











