ඉදුරාම බඳවා ගැනීමට අයත් සැපයුම් අංශයේ නිලධාරීන් 6 දෙනෙකු විසිර යයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 2017 වර්ෂයේ පළමු ඉඳුරාම බඳවා ගැනීමට අයත් සැපයුම් අංශයේ නිලධාරීන් 6 දෙනෙකු වසරක කාලයක් පුරා සිදු කළ සාර්ථක පුහුණුවකින් අනතුරුව පසුගිය දෙසැම්බර් මස 09 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී. එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු කස්සප පෝල් මහතා සහභාගී විය.
මෙහිදී, ඉඳුරාම බඳවා ගත් ලුතිනන් නිලයේ නිලධාරියෙකු සහ උප ලුතිනන් නිලයේ නිලධාරීන් 5 දෙනෙකු අධිකාරියට පත් කළ අතර, එයට කාන්තා නිලධාරිනියන් 3 දෙනෙකු ද ඇතුළත් වේ. පුහුණු කාල සීමාව තුළ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් අගය කරනු වස් ඔවුන් හට විශේෂ කුසලාන පිරිනැමීම ද එම උත්සව අවස්ථාවේදී සිදු කෙරිණි. ඒ අනුව බඳවා ගැනීමේ දක්ෂතම නිලධාරියා හට හිමි කුසලානය දිනා ගැනීමට උප ලුතිනන් එස්ජීඑම් සජීවනී සමත් විය. දක්ෂතම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගන්නා ලද්දේ උප ලුතිනන් ආර්එම්කේඒ රාජපක්ෂ විසිනි.
එම උත්සව අවස්ථාව ඇමතූ කොමදෝරු පෝල් මහතා අධිකාරියට පත්වූ නව නිලධාරීන් හට සුභ පැතුම් එක් කළ අතර, ඉදිරියේදී ඔවුන් හට පැවරෙන රාජකාරීන් හා වගකීම් පිළිබඳව ද අදහස් ප්‍රකාශ කරන ලදී. තවද, අධිකාරියට පත් නාවික නිලධාරියෙකු සතුව හික්මීම, නායකත්වය සහ වෘත්තීය නිපුණත්වය වැනි ලක්ෂණ පැවතිය යුතු බවත්, නාවික නිලධාරියෙකු වශයෙන් ස්වයං විශ්වාසය තුළින් අනාගත අභියෝග ජය ගත හැකි පුද්ගලයෙකු වීමට අදිටන් කර ගත යුතු බවද පැවසීය. එමෙන්ම කොමදෝරු පෝල් මහතා විසින් නාවික හමුදාධිපතිතුමන්ගේ 67 වන නාවික දින පණිවුඩය කියවීම ද එහිදී සිදු කෙරිණි.











