ශ්රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් අහමඩ් ජාවඩ් මහතා අද (දෙසැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. වයිස් අද්මිරාල් රණසිංහ මහතා නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව කැනඩා මහකොමසාරිස්තුමන් හමුවූ පළමු නිල හමුව බවට එය සනිටුහන් විය.
එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


