ශ්‍රීලංනානෞ කංචදේව ආයතනයේ අභිනව සුභසාධක ගොඩනැගිල්ල හා ප්‍රවාහන අංගනය විවෘත කෙරේ
උතුරු නාවික විධානයේ කයිට්ස් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතයේ දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවති, අභිනවයෙන් ඉදි කරන ලද සුභසාධක ගොඩනැගිල්ල හා ප්‍රවාහන අංගනය පසුගිය දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා අතින් විවෘත කෙරිණි.
මෙම සුභසාධක ගොඩනැගිල්ල කාය වර්ධන ශාලාවකින්, ආපන ශාලාවකින්, කරණවෑමී හලකින් සහ ඇදුම් මැසීමේ ස්ථානයකින් සමන්විත වන අතර, එමඟින් නාවික පුද්ගලයින්ගේ දෛනික අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ආයතනයේ වාහන ආරක්ෂිත ලෙස නවතා තැබීම සඳහා අංගන 5 කින් සමන්විත වන සේ ප්‍රවාහන සංකීර්ණය ඉදි කොට ඇත.
මෙම අවස්ථාව සඳහා ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් (අවි) රුවන් හෙට්ටිආරච්චි මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.














