ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
ශ්රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා අද (දෙසැම්බර් 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
නව නාවික හමුදාධිපතිතුමන් වෙත සුභ පැතුම් එක් කළ කපිතාන් මෝරොරෙ මහතා, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව නාවික හමුදාධිපතිතුමන් සමග සුහද කතාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


