ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රා 3 නිදහස් කෙරේ
ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 3 ක් යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඊයේ (දෙසැම්බර් 14) සිදු කෙරිණි. මෙම කර්තව්‍ය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවික සුහදත්වය සංකේතවත් කිරීමක් විය.
එම කාර්යය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායට අයත් මුර යාත්‍රාවක් සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අමීයා නෞකාව එක් විය. එම ට්‍රෝලර් යාත්‍රාවන් නාවික හමුදාවේ ආරක්ෂාව මත කන්කසන්තුරය වරාය වෙත රැගෙන එමෙන් පසු යාපනය, සහකාර ධිවර පරික්ෂක වෙත භාර දිමට කටයුතු කරන ලදී. මෙම බහුදින ධීවර යාත්‍රාවන් 2015 සහ 2017 යන වර්ෂයන් හිදී ඉන්දියාවේ නාගපට්නම් මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වී ඇත.



