නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 14) මුල්ලිකුලම් මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක්, තහනම් දැල් කොටස් 35ක්, අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 24 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 3 ක් සහ මුහුණු ආවරණ 4 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


