නාවික හමුදාව අනුරාධපුර පහල වැව පිරිසිදු කරයි
අනුරාධපුර, නාච්චදූව වැවේ සිට කලා වැව දක්වා ජලය ගලා යනු ලබන ඇල මාර්ගයේ පිහිටා ඇති පහල වැව පසුගිය දිනයන් හිදී නාවික හමුදාව විසින් පිරිසිදු කොට ජලය බැස යාම විධිමත් තත්ත්වයට පත් කරන ලදී.
එම වැව පුරාවටම ආක්‍රමණශීලී ශාක වන ජපන් ජබර සහ හම්බු පන් යන ශාකයන් සාරවත් ලෙස වැඩී තිබූ අතර, ඒ හේතුවෙන් වැව් මාර්ගයේ ජලය අපිරිසිදු වී ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවතිනි. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මහත් පරිශ්‍රමයක් දරමින් එම වැව සහ ජලය ගලා බසින ඇල මාර්ගය පුරා පැතිර තිබූ ආක්‍රමණශීලී ශාක ඉවත් කොට පිරිසිදු කරන ලදී.
එම කර්තව්‍ය සඳහා උතුරු මැද නාවික විධානයට අයත් පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය, ශික්ෂා සහ තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා යන ආයතනයන්ට අනුයුක්ත නාවිකයන් එක්විය.











