නාවික හමුදාධිපතිතුමන් නව වසරේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ සන්ධ්‍යා රණසිංහ මහත්මිය අද (ජනවාරි 01) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගන්නා ලදී. උදාවූ 2018 නව වසර සහ දුරුතු පුන් පොහොය දිනය නිමිත්තෙන් සමස්ථ නාවික හමුදාවටත් ලක් වාසී සියළු ජනතාවටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. එහිදී, ගරුතර මහා සංඝරත්ණය විසින් සෙත් පිරිත් සජ්ජායනා කොට නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන නාවික හමුදාවට සහ සියළු ජනතාව හට ආශිර්වාද පිරිණමන ලදී.
ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන්, රුවන්වැලි සෑ චෛත්‍ය ඇතුළු වෙහෙර විහාර කිහිපයක් වැද පුදා ගැනීමට කටයුතු කරන ලදී. ඒ අතරතුරදී එතුමා අනුරාධපුර, ගල්කඩව ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ධර්ම පාරමී ආරක්ෂක සේනා සංඝාවාසය සහ භාවනා මධ්‍යස්ථානය සහිත දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල් ගල තැබීමට ද එක් විය. මෙම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවිකයන් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.







