නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 02) කල්පිටිය, ඉප්පන්තිව් මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක්, තහනම් දැල් 2 ක්, අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 67 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


