සඟවා තැබූ ගෝඩා බැරල් 3 ක් සොයා ගැනේ
නාවික හමුදාවට ලද තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වාකරෙයි පොලීසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 03) සිදු කළ සෝදිසි කිරීමකදී, වාකරෙයි පනිච්චන්කේනි ප්රදේශයේ සඟවා තැබූ තහනම් මත් පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ගෝඩා බැරල් 3 ක් සොයා ගන්නා ලදී.
එම ගෝඩා බැරල් ලීටර් 210, ලීටර් 60 සහ ලීටර් 50 ප්රමාණයේ ඒවා වූ අතර, එම බැරල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාකරෙයි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


