ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක විද්‍යා) සාලිය හේමචන්ද්‍ර ශ්‍රීලංනානෞ හංසයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක විද්‍යා) සාලිය හේමචන්ද්‍ර මහතා ඊයේ (ජනවාරි 10) වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (අවි) ධම්මික ජයවර්ධන මහතා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි. ත්‍රිකුණාමලය, නිකල්සන්කෝ ජැටිය පරිශ්‍රයේදී පැවති එම භාර දීමේ/භාර ගැනීමේ උත්සව අවස්ථාව සඳහා කපිතාන් මුහුදු පුහුණු නිලධාරි, කපිතාන් ප්‍රදිප් රත්නායක මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.






