නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසයක් පවත්වයි
සාගරික සම්පත් ආරක්ෂා කිරීමේහිලා නිරන්තර මූලිකත්වයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජනවාරි 11) කන්කසන්තුරය වරාය ආශ්රිත මුහුදු ප්‍රදේශයේදී තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසයක් පවත්වන ලදී. එම අභ්‍යාසය උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරිණි.
එහිදී, මුහුදු තෙල් කාන්දු වීමකදී ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන පෙරහුරු අභ්‍යාස සහ පරීක්ෂාවන් සිදු කළ අතර, එම අභ්‍යාසය සඳහා නාවික හමුදාවට හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් 40 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වී සිටියහ.



