යුද හමුදා නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථාන ආඥාපතිතුමන් නැගෙනහිර නාවික විධාන ආඥාපතිතුමන් හමුවෙයි
යුද හමුදා නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථාන ආඥාපති, මේජර් ජෙනරාල් එච්ඩබ්එස්ඩීබී පනන්වල මහතා අද (ජනවාරි 13) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමු විය.
එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණි.




