සුළං තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත සහන සැළසීමේ කටයුතු සඳහා නාවික හමුදාව එක්වෙයි
පසුගිය දිනවල දිවුලපිටිය ප්‍රදේශයට බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය. ඔවුන්ගේ දෛනික කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් සිය දායකත්වය ලබා දෙන ලදී.
ඒ අනුව සුලං තත්වය හේතුවෙන් දිවුලපිටිය සිට දික්ලන්ද ග්‍රාමය දක්වා වූ මාර්ගය දෙපස කඩා වැටී තිබු ගස් සහ මාර්ගයට වැටි තිබු විදුලි කණු ඉවත් කිරීම් ඇතුළු දික්ලන්ද විහාරය පරිශ්‍රය තුල වැටි තිබු ගස් ඉවත් කර විහාර පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදි. තවද, ප්‍රදේශයේ ජනතාවගේ නිවාස වෙත කඩා වැටී තිබු ගස් ඉවත් කිරීම් ඇතුළු සහන සැලසීමේ මෙහෙයුම් ඔවුන් විසින් සිදු කරන ලදි. එමෙන්ම ජනතාව ස්වාභාවික ව්‍යසනයට මුහුණ දෙන සෑම අවස්ථාවකම ඒ සඳහා සහන සැලසිමට නාවික හමුදාව සුදානමින් සිටි.





