සඟවා තැබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජනවාරි 13 වන දින ලංකාපටුන ප්‍රදේශයේ සඟවා තැබූ පුපුරණද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.
එහිදී, වෝටර් ජෙල් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය බහාලූ කොපු 10 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටරයක් සහ අඟල් 16 ක පමණ දිගකින් යුත් වෙඩි නූල් 3 ක් සොයා ගැණිනි. මෙම පුපුරණ ද්‍රව්‍ය නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගැනීම සඳහා සඟවා තබා ඇති බවට සැක කෙරණ අතර, එම පුපුරණ ද්‍රව්‍ය ශ්‍රීලංනානෞ ලංකාපටුන ආයතනය වෙත රැගෙනවිත් ඉදිරි කටයුතු සඳහා සුරක්ෂිත ලෙස ගබඩා කරන ලදී.


