කැස්බෑ බිත්තර 67 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සර්ධාපුර පොලිස් විශේෂ කාර්යය බලකයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 14) නිලාවේලි එරක්කන්ඩි මුහුදු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර 67 ක් ලග තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කැස්බෑ බිත්තර තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා නිලාවේලි වන ජීවී දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.
