නාගදීප විහාරස්ථ කාර්යාලය විවෘත කෙරේ
නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද විහාරස්ථ කාර්යාලය අද (ජනවාරි 15) නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්රවීනාචාර්ය පුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ ආරාධනාව පරිදි උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා අතින් විවෘත කෙරිණි.
මෙම කාර්යාලය නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ අධීක්ෂණය යටතේ සහ ඔවුන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වය මත ඉදිකෙරුණු අතර, නාගදීප විහාරස්ථානය සංවර්ධනය කිරීමෙහිලා නාවික හමුදාව දක්වන නිරන්තර දායකත්වය විහාරාධිපති හිමියන්ගේ මහත් ඇගයීමට ලක් විය. එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ නාවික දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතනන්හි අණදෙන නිලධාරීන් ඇතුළු නාවික නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් පිරිසක් ද සහභාගී විය.








