ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ නව ස්කොෂ් අංගනය විවෘත කෙරේ
මුල්ලිකුලම් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ අභිනවයෙන් ඉදි කළ නවීන පහසුකම් වලින් සමන්විත ස්කොෂ් ක්‍රීඩාංගනය ඊයේ (ජනවාරි 15) වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රසික දිසානායක මහතා අතින් විවෘත කෙරිණි.
එහිදී, වයඹ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ගුණසිරි ජයතිලක සහ ජ්‍යෙෂ්ඨ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු නිලධාරී (වයඹ) ලුතිනන් කොමාණ්ඩර් (විදුලි) සංජීව පෙරේරා යන නිලධාරීන් විසින් ප්‍රදර්ශණ තරඟයක් ද පැවැත්වීය. ඉදිරියේදී ස්කොෂ් ක්‍රීඩාව සඳහා කැමැත්තක් දක්වන සහ එම ක්‍රීඩාවේ නියැලෙන නාවික පුද්ගලයින් හට සිය ක්‍රීඩාමය හැකියාවන් ඔප්නංවා ගැනීම සඳහා මෙම ගෘහස්ථ ක්‍රීඩාංගනය මහත් පිටිවහලක් වනු ඇත.
මෙම අවස්ථාව සඳහා ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් (නාසෙ) ජලාජ් පොන්නම්පෙරුම මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නිලධාරීන් සහ නාවිකයන් රැසක් ද සහභාගී වී සිටියහ.







