නීති විරෝධී ලෙස රත්රං කිලෝග්රෑම් 7 ක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයේ වේග ප්රහාරක යාත්රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) කන්කසන්තුරෙයි ප්රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යමින් තිබූ රත්රං කිලෝග්රෑම් 7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රත්රං තොගය ඩිංගි යාත්රාවේ නැංගුරමේ සුක්ෂම ලෙස සඟවා තිබියදි සොයා ගන්නා ලද අතර, එය ග්රෑම් 100 කැබලි 70 ක් වශයෙන් සකස් කර තිබුණි. ඒ අනුව අත්අඩංගුවට ගත් රත්රං, පුද්ගලයින් සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්රී ලංකා රේගුව වෙත භාර දීමට නියමිතය. එමෙන්ම පසුගිය ජනවාරි 10 වන දින මන්නාරම, පේසාලෙයි ප්රදේශයේදී රත්රං ග්රෑම් 600 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වන ලදී.

