ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ, අපරාධ විමර්ශන දෙපාර්තෙම්න්තුවේ නිලධාරීන් පිරිසක් සමඟ එක්ව පසුගිය ජනවාරි 16 වන දින හොරණ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ව්‍යාජ මුදල් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, රුපියල් පන්දහසේ (5,000.00) මුදල් නෝට්ටු තුනක් (03), ඇමෙරිකානු ඩොලර් සියයේ ($ 100) මුදල් නෝට්ටු 124 ක් සහ ලේසර් මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට පත් වූ අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා, ව්‍යාජ මුදල් නෝට්ටු සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරුණි.





