මුහුදු මාර්ග ඔස්සේ ප්රවාහනය කරමින් තිබූ රත්රං කිලෝග්රෑම් 3.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්රහාරක යාත්රාවක් මඟින් ඊයේ (පෙබරවාරි 06) සවස නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්රවාහනය කරමින් තිබූ රත්රං කිලෝග්රෑම් 3.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
මාදගල් ප්රදේශයේ පදිංචිකරුවන් වන එම පුද්ගලයින් ග්රෑම් 100 කැබලි 37 ක් වශයෙන් ඩිංගි යාත්රාවක් තුළ සූක්ෂම ලෙස සඟවා මෙම රත්රං තොගය ප්රවාහනය කරමින් තිබී ඇත. කන්කසන්තුරය ප්රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේදී ඔවුන් නාවික හමුදා භාරයට පත් වූ අතර, එම රත්රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 2 කට අධික බැව් සැක කෙරේ. අත්අඩංගුවට පුද්ගලයින්, රත්රං තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්රී ලංකා රේගුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.



